January 23, 2026
Local NewsNews

ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරන මගින් සඳහා ලබාදෙන ආහාර වේල සමග ලුණු සහ ගම්මිරිස් පැකට් ලබා නොදීමට ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ එම මගීන්ගෙන් බහුතරයක් එම ලුණු හා ගම්මිරිස් පැකට් භාවිතා නොකර කසල බඳුන්වල බහාලීම නිරීක්‍ෂණවීම හේතුවිනි.

කෙසේ වෙතත් කිසියම් මගියෙකු ලුණු හා ගම්මිරිස් ලබා දෙන්නයි ඉල්ලීමක් කළහොත් ඊට කටයුතු යොදා ඇති බව ගුවන් සේවය කියයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරැදි අර්ථකථන ලබාදී තිබූ නමුත් සත්‍ය වන්නේ අවශ්‍ය ඕනෑම අයකුට ලුණු හා ගම්මිරිස් ලබාදෙන බවයි.

එමෙන්ම ව්‍යාපාරික පන්තියේ ගමන් කරන මගින්ට ගම්මිරිස් සහ ලුණු ආහාර වේල සමග ලබාදෙන බවද ගුවන් සේවය තවදුරටත් කියා සිටී.

Related posts

ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර

Maimoonar

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

Maimoonar

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

Maimoonar