January 23, 2026
Uncategorized

මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..

මැලේසියාවේ අවසන්හලක සේවය කරමින් සිටියදි බොයිලේරුවක් ඇග මතට වැටි ජිවිතක්ෂයට පත් මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොන්ටිහැම් කොටසේ පදිංචිව සිටි රාජ්කුමාර් ඩෙවිඩ්සන් නැමති (24) හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු එම වතුයායේදි සිදු කෙරිණ.

මියගිය තරුණයා සංචාරක විසා මත මැලේසියාවට ගොස් අවන්හලක සේවය කරමින් සිටියදි ඉකුත් මස (25) දින ලිස්සා වැටිමට ගිය අවස්තාවේ උණු වතුර සහිත බොයිලේරුවක අතගැටි ඔහුගේ ඇග මතට උණු වතුර වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි තරුණයා මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් (05) දින ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පවුලේ ඥාතින් කියා සිටින්නේ.

ඥාතින්ගේ ඉල්ලිමක් මත මියගිය තරුණයාගේ සිරුර මැලේසියාවේ සිට දිවයිනට එවිමෙන් පසු සිරුර (11) දින පස්වරුවේ ඔහු පදිංචිව සිටි නිවසට රැගෙන ඒමෙන් අනතුරුව (12) දින පස්වරුවේ හින්දු චාරිත්‍රානුකුලව මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරිණ.

– රංජිත් රාජපක්ෂ

Related posts

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

Maimoonar

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Maimoonar

රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…

Maimoonar