NewsPolitical

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

ජනවාරි 11 වැනිදා පාසල් ඇරඹීමේ ආරම්භයක් වශයෙන් එක වසර සිට පහ වසර දක්වා ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන් කොටස් වශයෙන් පන්තිවලට ගෙන්වීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ප‍්‍රාථමික පන්තිවල සිසුන්ගෙන් එක් කොටසක් සඳුදා, බදාදා හා සිකුරාදා දිනවලත්, අනෙක් කොටස අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලත් පාසලට ගෙන්වීමට යෝජනා කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමාජ දුරස්ථ භාවයට යටත්ව එම සිසු දරුවන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට මෙම වැඩපිළිවෙළ වඩා පහසුවක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල විවෘත කිරීමට නොහැකි පාසල්වල සිසුන්ට තාවකාලික විසඳුමක් ලෙස හැකිතාක් නිවස ආසන්නයේම විවෘත කෙරෙන පාසල්වලින් අධ්‍යාපන ලැබීම සඳහා යොමුකිරීමට උත්සාහ දරන බවත් හෙතෙම පැවසීය.

gossiplankanews

Related posts

දිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්

Maimoonar

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Maimoonar

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Maimoonar

1 comment

Comments are closed.